වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවේ - ජනපති කියයි

Thursday, 09 August 2018 - 13:08

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වෘත්තිය සමිති දියත් කරන වර්ජනවලින් බලපෑම් සිදුවන්නේ ආණ්ඩුවට නොව ජනතාවට බව  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

මේ නිසා වර්ජන සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි විහාරමහාදේවි උද්‍යානයේ පැවති ඖෂධ පැල ලක්ෂයක් බෙදාදීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියේ.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ තම වරප්‍රසාද පිළිබඳ මෙන්ම අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බවයි.

පොදු මගී ප්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිත කරනු ලබන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඊයේ ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවෙස් බලා යමින් සිටි ළමුන් ඇතුලු ජනතාවට විඳීමට සිදුවූ පීඩාකාරී තත්වය ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

ගැටලු විසඳා ගැනීමට ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින අතර පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව කිසිදු අවස්ථාවක ගිනි අවි භාවිත නොකළ බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

එබැවින් අහිංසක මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා දුම්රිය, වෛද්‍ය ඇතුලු වැඩ වර්ජනවලට සුදානමින් සිටින වෘත්තීය කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේ.

මේ අතර සිරගතව සිටියදීත් බරපතල ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවන පුද්ගලයන්ට මරණ දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීරණය රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් නිසි ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහදී අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories