වව්නියාවේදී මත්පෙති 70,000ක් සමඟ යුවළක් අත්අඩංගුවට

Saturday, 11 August 2018 - 9:02

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+70%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වව්නියාව - සෙට්ටිකුලම් - නේරියකුලම් ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000ක් සමඟ යුවළක් අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදියි.

24 හැවිරිදි සැකකරු සහ 18 හැවිදිරි සැකකාරිය මාතලේ සහ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (11) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

මේ අතර, බුත්තල පිහිල්ලවෙල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්පෙති සහ මත් කරල් අලෙවි කල සැකකරුවන් තිදෙනෙකු මත්පෙති තොගයක්ද සමග බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20,27 සහ 28 යන වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවයි පොලිසිය පැවසුවේ

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ නියෝග කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories