කේරළයේ ජල ගැල්මෙන් 37 ක් මරුට

Sunday, 12 August 2018 - 9:36

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ජල ගැලීම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හෙක්ටයාර 1031 ක ගොවි බිම් විනාශ වී ඇති අතර, 31,000 ක් ජනතාව අවතැන් කඳවුරුවල රැඳී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ජල ගැල්මෙන් නායයෑමේ සිද්ධීන් ද වාර්තාවී තිබෙනවා.

ගංඟා 44 ක් සහිත කේරළ ප්‍රාන්තයේ දැන් පවතින්නේ 1924 න් පසු දරුණුතම ජල ගැල්ම බව සඳහන්.

එහි ජලාශ 25 ක වාන් දොරටු විවෘත කිරීමටද පියවර ගෙන ඇත්තේ ජල මට්ටම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන්.

ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ අධික වර්ෂාපතනය තවදුරටත් අපේක්ෂා කරන අතර, ප්‍රාන්තයට මුහුණලා ඇති අරාබි මුහුදු ප්‍රදේශද රළුවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories