Update - 'නේවි සම්පත්' රඳවාගෙන ප්‍රශ්න කරන්න CIDයට අවසර

Tuesday, 14 August 2018 - 14:28

Update+-+%27%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%27+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) අවසර හිමිවුණා.

ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම ඔහු හෙට දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඊයේ (15) දහවල් කොළඹ - කොටුව ලෝටස් මාර්ගයේදී අත්අඩංගුවට ගත් නේවි සම්පත්ට එරෙහිව 2009 - 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ නඩු පවරා තිබුණා. 


Update :- Tuesday, August 14, 2018, 4.03pm
----------------------------------------------------------

" නේවි සම්පත් " අත්අඩංගුවට

ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දහවල් කොළඹ - කොටුව ලෝටස් මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

2009 - 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණා.

එහෙත් ඔහු අවස්ථා කිහිපයකදී අධිකරණය මගහැර සිටීම හේතුවෙන් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළා.

41 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොල්වත්ත ගාල්ලගේ අශෝක යන නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ඔහු සතුව තිබී හමුවූ බවයි පොලීසිය කියා සිටියේ.

සැකකරු මේ වනවිට කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියටද නේවි සම්පත් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories