Update - අධික වැසි නිසා තවත් ජලාශ 04ක වාන් දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

Wednesday, 15 August 2018 - 9:45

Update+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+04%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පවතින අධික වැසි හේතුවෙන් කැනියෝන්, නෝතන් බ්‍රිජ්, මස්කෙළිය සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කළ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.

එමෙන්ම, අධික වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් හැටන් - කොළඹ සහ හැටන් - මහනුවර මාර්ගවල ස්ථාන කිහිපයකින් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර, අද (15)  උදෑසන කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 80 කට පමණ අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

එමෙන්ම, කුරුණෑගල - රත්මල්ගොඩ ප්‍රදේශයට බලපෑ තද සුළඟකින් ද පාසල් ගොඩනැගිලි ඇතුළු නිවාස කිහිපයකට හානි සිදුවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ අතර, කළුතර, කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටීමෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණ හිට තිබෙනවා.

කළුතර, බේරුවල, අලුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

මධ්‍යම, සබරගමුව පළාත්වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Update :- Wednesday, August 15, 2018 11.13 am
-----------------------------------------------------------------------------

අධික වැසි නිසා ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වන්දොරටු විවෘත කෙරේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර, මේ හේතුවෙන් කොත්මලේ ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ද ජල ධාරිතාවය වැඩි වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂකවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ වේල්ලට පහළින් ගඟ දෙපස සිටින ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව විදුලිබලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.

මේ අතර, ලක්ෂපාන ජලාශයේ ද වාන්දොරටු 2 ක් අද (15) අලුයම විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.  





    

ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories