ප්‍රකාශයක් ලබාදීමට ඩිලන්ත මාලගමුව පොලිසියට

Wednesday, 15 August 2018 - 11:38

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
තමන් ඝාතනය කිරිමේ සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව අද (15) පෙරවරුවේ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියා.

ඒ, එහි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සිදුකල කැදවීමකට අනුවයි.

ඔහු මේ වනවිටත් එම කාර්යාලය තුල සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුලි මස 07 වනදා තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව පොලිස් මුලස්ථානයට පැමිණිලි කර තිබුණා.

ඒ පාතාල කල්ලි සමාජිකයකු තමන් ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරකට අනුවයි.

මේ අතර පසුගිය ජුනි මස 2 වනදා සිදුවු මාතර රන් භාණ්ඩ කොල්ලයේදී පාතාල සමාජිකයන් රැගෙන ආ මිනි ඌෂි වර්ගයේ ගිනි අවිය ඩිලන්ත මාලගමුව ඝාතනය කිරිම සදහා භාවිතා කිරිමට ලබාදී තිබු බවට පොලිසියට තොරතුරු වාර්තා වි තිබුණා.

ඩිලන්ත මාලගමුව ඊයේ (14) ප්‍රකාශ කළේ අදාල කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායක ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ බෙවන් පෙරේරා ලබා දි ඇති බවටයි.

තමන්ට අයත් නාවලපිටියේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් මත මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවද ඔහු සදහන් කළා.

එමෙන්ම මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව ඊයේ සදහන් කළේ් තමන් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද දැනුම්වත් කළ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories