සතියකින් පසු යළි වර්ජනයකට යන බව දුම්රිය වෘත්තිය සමිති කියයි - බස් සංගමයක් අද මැදියම් රැයේ සිට නවතී

Wednesday, 15 August 2018 - 18:40

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සැළසුම්කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව බස් වර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා.

එම වර්ජනයට  රජයේ ප්‍රගතිශීලී රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රිරෝද රථ සංගමය ඇතුලූ තවත් සංගම් කිහිපයක් සහය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික බස් රථ වර්ජනය සම්බන්ධයෙන් බස් සංගම් අතරද පවතින්නේ පරස්පර අදහස්.

මෙම වර්ජනයට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුලූ ප්‍රධාන පෙලේ බස් සංගම්වල සහාය හිමිවී නැහැ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මෙම වර්ජනය උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් මෙම කාලසීමාවේ සිදුකිරීම අසාධාරණ බවයි.

එහෙත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක  ප්‍රකාශ කළේ තම ගැටළුවට බලධාරීන් විසඳුමක් ලබාදිය යුතු බවයි.

මේ අතර පසුගියදා දින 4 ක් පුරා අඛණ්ඩව වර්ජනයේ නිරතවූ දුම්රිය වෘත්තිය සමිති යළිත් වර්ජනයක් පිළිබඳව අනතුරු අඟවනවා.

ඒ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු පැහැදිළි කළදුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ ආණ්ඩුවට සිය ගැටළුවට විසඳුම් ලබාදීමට සතියක කාලයක් ලබාදෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories