එක්දරු මව මරා ජලාශයකට දැමූ, සැකකාර සැමියාගෙන් පාපොච්චාරණයක්

Saturday, 18 August 2018 - 12:28

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව - ගල්තඹරාව ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් ඝාතනය කර මොරගහකන්ද ජලාශයට දැමූ ඇගේ සැකකාර සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 21 වන දා ඔහු විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති අතර, පසුව මෝටර් රථයකට නංවාගෙන කිලෝමීටර් 62ක් දුරින් පිහිටි මොරගහකන්ද ජලාශයේ නාවුල - නැරඹුම් ප්‍රදේශයෙන් ඇගේ සිරුර මොරගහකන්ද ජලාශයට දමා තිබෙනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳගේ මව බෑණා ගැන සැක සිතා කළුතර පොලීසියට ද පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

ඒ අතරතුර අදාළ ස්වාමි පුරුෂයා ගම් ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අදාළ සිදුවීම පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.

ඉන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ උපදෙස් පරිදි ඔහු විසින් පොළොන්නරුව පොලීසියට සිය බිරිඳ ඝාතනයේ සියළු තොරතුරු පාපොච්චාරණය කළ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මොහු සමඟ මොරගහකන්ද ජලාශයේ අදාළ කාන්තාවගේ සිරුර දැමූ ස්ථානයට ගොස් එහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහි තිබී අදාළ කාන්තාවගේ අස්ථි කොටස් සොයා ගනු ලැබුවා.

එම කාන්තාව පොළොන්නරුව නගරයේ ප්‍රසිද්ධ පෙළේ පාසලක සේවය කරන 36 හැවිරිදි ගුරුවරියක බව සඳහන්.  

පවුල් ආරවුලක් මත සැකකාර සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර මොරගහකන්ද ජලාශයට දමා ඇති බවයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ කාන්තාවට අවුරුද්දයි මාස 8ක් වයසැති ගැහැණු දරුවෙකු සිටින අතර, ඇය තවමත් පසුවන්නේ ස්වාමි පුරුෂයාගේ මවගේ භාරයේයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මිය ගිය කාන්තාවගේ ඥාතියෙකු කියා සිටියේ මිය ගිය කාන්තාවගේ දරුවා හෝ තම පාර්ශවයට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර, මිල්ලනිය - කෙලෙස්ගමුව ප්‍රදේශයේ කාන්තාවකට මරණ තර්ජන එල්ල කර පහරදීමේ සිද්ධියකට සැක කෙරෙන තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා.

පසුගිය 14 වන දා රාත්‍රියේ අදාළ කාන්තාවට මෙම පහරදීම සිදුව ඇති අතර, ඇයගේ දරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රකාශවලින් අනාවරණ වී ඇත්තේ පොලිස් සැරයන්වරයා තමාගේ මවට මීට පෙර ගිනි අවියක් පෙන්වා මරණ තර්ජන එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත්, මිල්ලනිය පොලීසිය සදහන් කළේ අදාළ කාන්තාව සමඟ මෙම සැරයන්වරයා අනියම් සම්බන්ධතාවක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි.

පොලිස්පතිවරයාගේ නියමය පරිදි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories