හම්බන්තොට වරාය ගැන පෙන්ටගනයේ අවධානය

Sunday, 19 August 2018 - 12:24

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථානය හෙවත් පෙන්ටගනය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත පසුගිය සතියේ ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව මගින් හම්බන්තොට වරාය පිළිබඳව සඳහනක් කර තිබෙනවා.

එම වාර්තාව මගින් චීනයේ හමුදා බලය ගොඩනැංවීම පිළිබඳ විශේෂ පරිච්ඡේදයක් වෙන් කර ඇති අතර, චීනය ගෝලීය යුද බලවතෙකු වීමට උත්සාහ කරන බවටයි චෝදනා කර ඇත්තේ.

විශේෂයෙන් අප්‍රිකානු ජිබුටි රාජ්‍යයේ හමුදා කඳවුරක් ඉදිකිරීම, පාකිස්ථානය සමඟ ක්‍රමෝපාය සහයෝගීතාවක් ගොඩනැංවීම එවැනි පියවර ලෙස පෙන්ටගනය සඳහන් කළා.

විශේෂයෙන් ඇමරිකාවේ දීර්ඝකාලීන සඟයෙකු වූ පාකිස්ථානය චීනය කෙරෙහි නැඹුරුවීම, පෙන්ටගනයේ අවධානයට යොමුව ඇති කරුණක්.

එමෙන්ම අප්‍රිකානු ජිබුටි රාජ්‍යයේ චීන හමුදා කඳවුර ස්ථාපිත කිරීමෙන් මාස කිහිපයකට පසු චීනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මතභේදකාරී ලෙස අත්පත් කරගත් බව පෙන්ටගන වාර්තාවේ සඳහන්.

එමෙන්ම චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරත වන බවට පෙන්ටගනය කරන  චෝදනාව චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනය මේ බව ප්‍රකාශ කළේ සිය වාර්ෂික වාර්තාව ඇමරිකානු කොංග්‍රසය වෙත ඉදිරිපත් කරමින්.  

කෙසේ නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රකාශය වගකීමකින් තොර ප්‍රලාපයක් බවයි.

පූර්ව නිගමනයන් මත සිදුකර ඇති එම ප්‍රකාශය මගින් සැබෑ තත්වය මුළුමනින්ම විකෘති කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. චීනයේ හමුදා සංවර්ධන කටයුතු හුදෙක් සිය රටේ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් සිදුකරන බව එමඟින් අවධාරණය කළා.

මේ අතර හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹන ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඬේරා හම්බන්තොට වරායේ සංචාරයක චාරිකාවක නිරතවීමට නියමිතයි.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

 ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේ පමණක් නොව කොළඹ සහ ත්‍රිකුණාමල වරායේද චාරිකා කරනු ඇති බව සඳහන්.

කෙසේ නමුත් හම්බන්තොට වරාය චීනය වෙත පැවරීමෙන් පසු ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එහි සංචාරය කිරීම විශේෂත්වයක්.

ජපානයද චීනයේ යුද බලය ව්‍යාප්තවීම පිළිබඳව අවධානය යොමු කරන රටක් වීම ඊට හේතුවයි.

කෙසේ නමුත් හම්බන්තොට වරාය වානිජ වරායක් ලෙස පමණක් ක්‍රියාත්මක බව මෙරට බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ සාමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමීප සහයෝගීතාවකට එළඹීමයි.

සිය සංචාරය තුළදී ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට මීටර 30 ක් දිග මුර සංචාර යාත්‍රාවක් පිරිනමනු ඇති.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories