පෙරටුගාමීන්ගෙන් ඇමති විජේදාසට එන්තරවාසියක්

Sunday, 19 August 2018 - 12:31

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව හෙට දිනයේදී එන්තරවාසියක් යොමු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ තම පක්ෂයට එරෙහිව පසුගියදා සිදුකළ ප්‍රකාශවලට එරෙහිව අමාත්‍යවරයාට එරෙහිව වන්දි ඉල්ලා මෙලෙස එන්තර වාසියක් යොමුකරන බවයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නවක වදය ලබාදීම පසුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී චෝදනා කළා.

මේ අතර කොළඹ අද (19) මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමන්ට එන්තරවාසියක් යොමු කරන්නේ නම්, ඊට සූදානම් බවයි.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories