පැහැර ගත් කීත් නොයාර් ගැන, හිටපු ජනපති දුන් ප්‍රකාශය අධිකරණයට

Monday, 20 August 2018 - 19:09

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් කළ ප්‍රශ්න කිරීම් පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ගොනුකළා.

ඒ, එම සිද්ධිය පිළිබඳ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේයි.

යුද සමයේදී ආරක්ෂක අංශ විවේචනයට ලක් කරමින් පුවත් වාර්තා කළ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන කෲර වඳ හිංසාවට ලක් කිරීම පිළිබඳව නඩුව අද යළි කැඳවූයේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේයි.

වැඩිදුර වාර්තාවක් යොමුකරමින් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ  ඕස්ට්‍රේලියාවට ගොස් මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගත් බවයි.

එහිදී කීත්නොයාර් සඳහන් කර ඇත්තේ සුදු වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් තමන්ව පැහැරගෙන ගොස් දෑස් වසා, විලංගු දමා අඩ නිරුවත් කර බරපතල ලෙස පහරදීම නැවතුනේ ඔවුනට ලැබුණු දුරකථන ඇමතුමක් නිසා බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ කීත් නොයාර් පැහැර ගත් කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මේජර් බුලවත්ත සහ ඔහුට අණදෙන හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යන අය අතර පැහැර ගැනීම සිදුවූ කාලයේදී දුරකථන සංවාද 3 ක් සිදුවී ඇති බවයි.

සැකකාර මේජර් බුලවත්තගේ නියෝග මත කීත් නොයාර් රඳවා සිටි දොම්පේ  - බදුවත්ත වලව්ව තමන් කුලියට ලබා ගත් බව ලාන්ස් කෝප්‍රල් සෝමසූරිය සාක්ෂි ලබාදී ඇති බව ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

විමර්ශකයින් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යැවූ ලිපි දෙකක පිළිතුරු මෙතෙක් නොලැබුණු බවයි.

ඉදිරියේදී ඊට පිළිතුරු නොලැබුණහොත් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කළා.



මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලට අදාළ වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ගොනුකළා.

ඒ සම්බන්ධව කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණී ගිරිහාගම සඳහන් කළේ කීත් නොයාර් නිදහස් කරන්නැයි දුරකථන ඇමතුමක් ලැබුණු බවට මතයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

නමුත්, මෙවන් අවස්ථාවන්වලදී සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජනාධිපති ලේකම්ට හෝ ආරක්ෂක ලේකම්ට දැනුම්දීම බව හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා හරහා කීත් නොයාර් නිදහස් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන්නා දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ සම්බන්ධයෙන් මතකයක් නොමැති බවයි.

ආපදාවක් නොමැතිව කීත් නොයාර් හමුවීම හොඳ දෙයක් බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර තිබෙනවා.

රජයේ නීතිඥවරිය මෙහිදී සඳහන් කළේ එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කතානායක කරූ ජයසූරිය සහ අජිත් අලහකෝන්ගේ දුරකථන ඇමතුමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට දැනුම්දීමෙන් පසුව කීත් නොයාර් නිදහස් කෙරුණේ දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රකාශ කර ඇති හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කරන්නේ නම් පොලීසියෙන් නිදහස ලැබෙන බව බන්ධනාගාරයට ගිය අවස්ථා කිහිපයකදී සැකකරුවන් සඳහන් කළ බවයි.

කීත් නොයාර්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නට යොමුකළ ප්‍රශ්නාවලියට මෙතෙක් පිළිතුරු නොලැබීම සම්බන්ධයෙන් මෙහිදී අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ දෙවන ප්‍රශ්නාවලිය යොමුකර සතියක් වත් ගත වී නොමැති නිසා ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසයි.

නඩුව ලබන 27 වනදා කල් තැබූ මහේස්ත්‍රාත්වරිය විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර එදින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සඳහන් කළේ මීළඟ දිනයේදී ඇප අයදුම පිළිබඳව නියෝගය අනිවාර්යයෙන්ම ලබාදෙන බවයි.

මේ අතර, කතානායක කරූ ජයසූරිය මේ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ප්‍රකාශයක් ලබාදුන්නේ අධිකරණය දැනුවත් කර පොලීසිය මගින් කරන ලද නීත්‍යානුකූල ඉල්ලීමකට ප්‍රතිචාරයක් දැක්වීමක් ලෙස බවයි.

එමෙන්ම අදාළ ප්‍රකාශය කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් සිදුනොකරන ලද බවත්, නීති ගරුක පුරවැසියෙකු ලෙස නීතියත්, යුක්තියත් ඇති කිරීමට සහය දීම පමණක් බවත් කථානායක කරූ ජයසූරිය එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories