ලිඳුල උප සභාපති අත්අඩංගුවට

Tuesday, 21 August 2018 - 12:44

%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%BD+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තලවකැලේ - ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරතිදාසන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සෙන්ක්ලෙයාර් වතු යායේ ඉඩම් කැබලි කිහිපයක් බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුවයි.

ඔහු ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අතර, අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා අද පස්වරුවේ නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සෙන්ක්ලෙයාර් වතු යායේ පිහිටි ඉඩම් කිහිපයක් වතු කම්කරුවන්ට ලබා දීමේ මුවාවෙන් ඔහු මෙම ඉඩම් වංචාව සිදුකර ඇති බවයි පොලිසියට සිදුකල පැමිණිල්ලේ දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories