ශ්‍රී ලංකාව සහ ජපානය ආරක්ෂක ගිවිසුමකට සැරසේ

Tuesday, 21 August 2018 - 19:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරී ඔනොදෙරා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ දෙරට අතර සමුද්‍රීය ආරක්ෂාව පිලිබදව සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනිම සදහා ජනාධිපතිවරයා සහා ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවත්වුන බවයි.

එසේම දෙරට අතර ආරක්ෂක සබදතා තර කරගැනිමට ක්‍රියාකරමින් ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.

එසේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සඳහා  ජපානයේ සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ දෙරට අතර ආරක්ෂක සබඳතා තරකර ගැනීමට ක්‍රියා කරමින් ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමේ වැදගත්කම සම්න්ධයෙන් දෙපාර්ශ්වය සාකච්ඡා පැවැත්වූ බවයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ත්‍රිකුණාමලය වරාය බෙංගාල බොක්කේ කේන්ද්‍රීය වරායක් බවට පත්වන බවත්, මෙරට වරාය සංවර්ධන කටයුතු සඳහා ජපානයේ සහය අපේක්ෂා කරන බවත්ය.

අනතුරුව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරී ඔනොදෙරා මහතා ලෝක යුද්ධවලින් මියගිය පොදු රාජ්‍ය මණ්ඩලයේ සොල්දාදුවන් සිහිකෙරෙන කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි ස්මාරකයට සිය ආචාරය පුදකළා.

ජපාන ආරක්ෂක ප්‍රතිපත්ති කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් අකිහිරෝ සුචිමිචි මහතා ඇතුළු එරට ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සමග මෙරට සංචාරය කරන අතරල එම දූත කණ්ඩායම හම්බන්තොට වරායේ හෙට සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර ගාල්ල, බද්දේගම මහජන ක්‍රීඩාංගනයේ අද පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ කිසිවිටෙක වත්මන් ආණ්ඩුව විදේශිකයන්ට ඉඩම් අලෙවි කර නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories