කොස් මල්ලීගේ හිස කොළඹ ගෙන ආ අයියා, මලෝ අත්අඩංගුවට

Wednesday, 22 August 2018 - 7:31

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B6%BD%E0%B7%9D+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අලූත්කඩේ අධිකරණය අසළට ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී නැමැත්තාගේ හිස ගෙනවිත් දැමීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල කල්ලියක සහෝදරයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා කොළඹ - ජම්පටා වීථියේ පදිංචි 21 හැවිරිදි පලනි රිමෝෂන් හෙවත් කුඩු සෙල්විගේ පුතා නැමැත්තා සහ ඔහුගේ 25 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ලෙස හඳුනාගෙන ඇති බවයි එම කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මොවුන් දෙදෙනා ජම්පටාවීදියේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරියක වූ සෙල්ලි නැමැත්තියගේ දරුවන් බව ද පොලීසිය පවසනවා.

තම මව ඝාතනය කිරීම සහ පියාට වෙඩි තබා බරපතල තුවාල සිදුකළ පාතාල කල්ලියකට සම්බන්ධ පුද්ගලයින් මොවුන් ඝාතනය කර ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

මෙම සොහොයුරන් දෙදෙනා සියළු ඝාතන සිදුකර ඇත්තේ ඩුබායි හි සැගව සිටින මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත බව ද විමර්ශනවලදී හෙළි වුණා.

අගුණකොළපැලැස්සේදී ඝාතනය කළ කොස්මල්ලීගේ හිස කොටස කොළඹ අලූත්කඩේ අධිකරණ සංකීර්ණයට ගෙනවිත් ඇත්තේ අත්අඩංගුවට ගත් කුඩු සෙල්විගේ බාල පුතා බවට ද අනාවරණ වී තිබෙනවා.

ඊට අමතරව මොවුන් පසුගිය මාර්තු 19 වනදා කොටහේන ආමර් වීථියේදී ඇන්ටන් රාජ් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, ජූලි 8 වනදා ජම්පටා වීථියේදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීම මෙන්ම අගෝස්තු 3 වනදා මෝදරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම යන සිද්ධි සඳහා ද ඔහු දායකවී ඇති බවයි විමර්ශනවලදී හෙළි වුණේ.

පෙරේදා අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories