හිටපු ජනපති සොහොයුරුගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව (ඡායාරූප)

Saturday, 25 August 2018 - 11:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මැදමුලන නිවසට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ද එම අවස්ථාවට එක්ව සිටියා.

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුහද කතාබහක ද නිරත වුණා.

පෙරවරු 9ට පමණ මැදමුලනට පැමිණි ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් එහි රැදී සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදී වසර ගණනාවකින් මැදමුලනට පැමිණි ගමන සහ දේශපාලන ඉතිහාසයේ සිද්ධීන් රැසක් පිළිබදව පිරිස සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාත් සභාවේ පුටු ගැටලූව සම්බන්ධයෙන් ද එහිදී කතාබහක් ඇතිවුණ බව සදහන්.

ඒ අතරතුර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා තිබුණේ වාහන ආනයන කිරීම සදහා පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපත්‍රයක් ලබාදෙන ලෙසයි.

අනතුරුව, වීරකැටිය ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විහාරාධිපති පූජ්‍ය මුරුතවෙල සුමන නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව ආගමික වතාවත්වල ද නිරත වුණා.

පොහොය දිනය නිමිත්තෙන් විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමග ද එහිදී ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.






ඡායාරූප - අනීෂා මානගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories