කමිටු වාර්තාව මාස දෙකක් තුළ ලැබුණොත්, මැතිවරණය ජනවාරියේ

Saturday, 25 August 2018 - 13:06

%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
කථානායකවරයා විසින් පත් කරනු ලබන, අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුත් කමිටුව සිය වාර්තාව මාස දෙකක් තුළ ලබාදෙන්නේ නම්, ජනවාරි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව පළාත් සභා සීමානිර්ණ කමිටුවේ ලේකම්, අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

කෙසේ වෙතත්, එම කාලය අතරතුර විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අදාළ පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමානිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබදව සහ ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ අදාළ කමිටුව මසක් ඇතුළත පත් කළ හැකි අතර, එහි වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදුනහොත් සීමා - මායිම් නිසි පරිදි ප්‍රකාශයට පත් කළ හැකි බවයි.

එය අදාළ සීමානිර්ණ පනත තුනෙන් දෙකෙන් සම්මත වූවා සේ සැලකිය හැකි බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

උතුර පළාත් සභාව විසුරුවා හැරීමට නියමිත ඔක්තෝම්බර් 25ට පෙර අදාළ වාර්තාව ලබාදෙන්නේ නම්, පළාත් සභා හයේම මැතිවරණය එකම දිනකදී පැවැත්විය හැකි බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීම තුළ පළාත් සභා ඡන්දය නැවත වරක් කල් යාමක් සිදුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories