රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම රැස් වෙයි

Monday, 27 August 2018 - 15:53

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම අද (27) ජනාධිපති කාර්යාලයේ  ප්‍රථම වරට රැස්වී තිබෙනවා.

කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා විසින් සිදුකළ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණය වලට අනුවයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත්කර තිබෙන්නේ.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ කටයුතු කරනවා.

කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලූරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශප්‍රිය, බී.පී.පී.එස්.අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඩී.ජයකොඩි සහ එම්.සී. වික්‍රමසේකර යන අයයි.

මෑතකදී වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම මෙහිදී සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය කියාසිටියේ.
 
රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා සහ ගැටලූව විසඳිමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු  ඇතියි තමා විශ්වාසය කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories