කොළඹට කුඩු බෙදූ කාන්තාවක් පෑලියගොඩින් අල්ලයි

Tuesday, 28 August 2018 - 7:20

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පෑලියගොඩ - මත්ස්‍ය වෙළදපොළ ආසන්නයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඇය සන්තකයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

‘පද්මිණී’ නමින් හඳුන්වන 34 හැවිරිදි මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ අයෙක් බව සඳහන්.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මියගිය ඩී. මංජු නැමැත්තාගේ කල්ලියේ සාමාජිකාවක් වන මෙම කාන්තාව ප්‍රදේශ කිහිපයකටම මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුවල නිරත වී ඇති බවට ද පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු සඳහන් කළා.

මේ අතර, මාළිගාවත්ත - ජුම්මා හන්දිය - ලොන්ඩි‍්‍රය අසළ මාර්ගයේදී පසුගියදා (26) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම ඇයගේ ස්වාමි පුරුෂයාගේ ක්‍රියාවක් බවට සැක පළ කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා දැනට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන අතර, ඔහු පසුගිය මාර්තු මාසයේ මාළිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට ද සම්බන්ධ බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මිය ගිය කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැක පළ කරන්නේ.

පෙරේදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණේ 31 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේම කාන්තාවක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories