ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර නොකිරීමෙන් ගැටළුවක්

Tuesday, 28 August 2018 - 18:39

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට නොහැකිවීම හේතුවෙන් ජාතික රෝහලේ ගැටළුකාරී තත්වයක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයටද සිදුව තිබෙන්නේ දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණදීමටයි.

ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් දිවයිනේ නන්දෙසින් දෛනිකව කොළඹ ජාතික රෝහලට රෝගීන් දහස් ගණනක් පැමිණෙනවා.

කෙසේ වෙතත් දැනට මාසයක පමණ කාලයක සිට රෝහලෙන් ඉවතලන සායනික අපද්‍රව්‍ය රෝහල් පරිශ්‍රය තුළ පිහිටි ජාතික අපස්මාර ගොඩනැගිල්ල පසුපස ගොඩගසා ඇති ආකාරය දක්නට ලැබෙන අතර, ඒ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.  

සේවකයින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී වර්ෂාව ඇතිවුවහොත් දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළු ගණනාවක්ද උද්ගතවීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත ජාතික රෝහල් භූමියේදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින්  කියා සිටියේ වැසි තත්ත්වයත් සමඟ මෙම ගැටළුව තවත් උග්‍රවිය හැකි බවයි.

මෙරට ප්‍රධානතම රෝහලේ මතුව ඇති අපද්‍රව්‍ය ගැටළුවට කඩිනම් විසඳුම් දීමට බලධාරීන් අපොහොසත්වීම පරිපාලනයේ තවත් එක් අකාර්යක්ෂමතාවක් නොවේද?



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories