කිලිනොච්චියේ කුඹුරු යායක මියගොස් සිටි කාන්තාව හඳුනාගනී (ඡායාරූප)

Thursday, 30 August 2018 - 7:10

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය,පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි සොයාගත් මළ සිරුර ඊයේ (29) සවස මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් හදුනාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ මාන්කුලම,මුරුකණ්ඩි,වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නමැති කාන්තාවක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව මියගිය කාන්තාවගේ පියා හා සහෝදරයා විසින් හදුනාගත් බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර,මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට යාපනය රෝහල වෙත යොමු කළ බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් අදාළ කාන්තාවගේ මළ සිරුර දැක ඇති අතර, අනතුරුව පොලිසිය දැනුවත් කොට පොලිසිය විසින් මළ සිරුර පරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොමු කළ බවයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ කාන්තාවගේ මරණය සැක සහිත වන අතර, කාන්තාව කිසියම් පිරිසක් ඝාතනයට ලක්කොට ඇති බවට සැක කරන බවයි.



ඡායාරූප - වව්නියාව දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories