සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට බේකරි හිමියන් සූදානම්

Saturday, 01 September 2018 - 10:44

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තිරිඟු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදාළ මිල ගණන් නිළ වශයෙන් තමන් වෙත ලැබුණු පසු සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (01) දිනයේ තිරිඟු පිටි සමාගම් ඔවුන්ගේ මිල ගණන් බේකරි හිමියන් වෙත දැනුම් දෙන බව සඳහන් කළ බවයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ ගියා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් බේකරි හිමියෙකු සඳහන් කළේ ඉදිරියේදී පාන් මිලද ඉහළ දැමීමට සිදුවන බවයි.  

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරියේදී තිරිඟු පිටි ආශ්‍රිත ආහාරවල මිල ගණන්ද ඉහළ යා හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories