මැතිසබේ පුටු අලුත් වීමක් නැහැ - කථානායක

Monday, 03 September 2018 - 16:51

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුතින් පුටු මිලදී ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව කථානායක කරු ජයසූරිය පවසනවා.

පාර්ලිමේන්තුවට අලුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවයි නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ.

සභා ගර්භයේ අසුන්වල යම් අබලන් තත්ත්වයක් පවතී නම් අවම වියදමකින් අලුත්වැඩියා කිරීම මිස ඒ සඳහා අලුතින් පුටු මිලදී ගැනීම නොකළ යුතු බවයි කථානායකවරයාගේ අදහස වී ඇත්තේ.  

එමෙන්ම, පාර්ලිමේන්තු ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට ඉඩ නොදෙන බව ද කථානායකවරයා අවධාරණය කළා.

කෙසේ වෙතත්, දැනට පාර්ලිමේන්තුවේ වහලේ සහ මල නාලිකා පද්ධතියේ මෙන්ම වැසිකිලි පද්ධතියේ ද පිළිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව ඇති බවට කථානායක සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

බස්නාහිර පළාත් සභාව සඳහා අලුතින් පුටු මිලදී ගැනීමේ සූදානමක් පිළිබඳව ද පසුගිය දා දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේ කතාබහට ලක් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories