මෙම වසර ආරම්භයේ පටන් ලොව විවිධ ස්ථානවලින් භූ කම්පන රැසක් වාර්තා වූවා.
කෙසේ වෙතත් ඊයේ (06) දිනයේදීද මෙලෙස ලෝව විවිධ ස්ථානවලින් ප්‍රබල භූ කම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා.
පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7 යි දශම 8 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය මුහුදු පත්ලේ සැතපුම් 377 ක් පමණ ගැඹුරින් සිදුවීම නිසා ගොඩබිම ප්‍රබල හානියක් සිදුවී නැහැ.
එමෙන්ම, ඒ නිසා සුනාමි අවදානමක් නිකුත් නොකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊට අමතරව, දකුණු ඇමරිකානු ඉක්වදෝර් රාජ්‍යයේ රික්ටර් පරිමාණයේ 6 යි දශම 3 ක භූ කම්පනයක් සිදුවූ අතර, එහිදී කුයිටෝ අගනුවර ගොඩනැගිලි සසල වූ බව සඳහන්.
එමෙන්ම, ජපානයේ - හොකයිඩෝ දිවයිනට ඊයේ බලපෑ රික්ටර් පරිමාණයේ 6 යි දශම 6 ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 26 දෙනෙකු අතුරුදන්වී ඇති අතර, නිවාස පනස් තුන් ලක්ෂයකට තවදුරටත් විදුලිය ඇණ හිට ඇති බව සඳහන්.

Follow US
Most Viewed Stories