ඥාණසාර හිමියන් යළිත් බන්ධනාගාර රෝහලට

Sunday, 09 September 2018 - 16:02

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (09) පස්වරුවේ යළි වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීමත් සමඟ මෙලෙස වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමුකළ බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න සඳහන් කළේ.

ඥාණසාර හිමියන්ට සිදුකළ සැත්කමින් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමුකළ අතර, පසුව උන්වහන්සේට ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත මාරුකෙරුණේ පසුගිය 6 වනදායි.

කෙසේ වෙතත් යළිත් උන්වහන්සේ එළඹෙන 25 වනදා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ඒමට නියමිත බවයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් කියා සිටියේ.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories