අගමැති වියට්නාමයට - හිටපු ජනපති ඉන්දියාවට

Monday, 10 September 2018 - 7:27

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7++-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
වියට්නාමයේ - හැනෝයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ආසියාන් සංවිධානයට අයත් රටවල හා  අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින් ගණනාවක් මෙම සමුළුවට සහභාගිවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කලාපීය අනාගත ආර්ථීක පුරෝකථන, ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇති.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්දින සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ විශේෂ ආරාධනයකට අනුව ඔහු මෙම සංචාරයේ නිරතවන බව සඳහන්.

සංචාරය අතරතුරදී එරට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමඟ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සාකච්ඡා පවත්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories