ජොන්ස්ටන් ඇතුළු තුන්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

Tuesday, 11 September 2018 - 15:15

%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තුන්දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර සතොස මුදල් අවභාවිත සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ සැකකරුවන් තුන්දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකරමින් ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඔහුගේ නීතීිඥයින් ප්‍රකාශ කළේ අද අභියාචනාධිකරණය හමුවේ එය ගොනුකළ බවයි.

ඒ අනුව පෙත්සම හෙට සළකා බැලීමට නියමිතව තිබෙනවා.

සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කිරිමේ චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තුන්දෙනා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කළේ කුරුණෑගල මහාධිකරණයයි.

නඩුව විනිසුරු මේනකා විජේසුන්දර හමුවේ අදත් විභාගයට ගත් අතර, සාක්ෂි විභාග කටයුතු ද අද ආරම්භ වුණා.

එය හෙට යළි විභාගයට ගැනෙන අතර, හෙට දිනය දක්වා සැකකරුවන් බන්ධනාගාර ගතකිරීමටයි මහාධිකරණ විනිසුරුවරිය යළි නියෝග කර තිබුණේ.   

මේ අතර, කුරුණෑගල මහාධිකරණ හමුවේ අද නඩුව කැදවු අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් විනිසුරුවරිය නියෝගයක් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories