යාපනයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගනී

Wednesday, 12 September 2018 - 11:24

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යාපනය - කෝපායි ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොඩිකාමම් පොලීසියට අයත් ජීප් රථය මේ වන විට සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කෝපායි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අදාළ පොලිස් ජීප් රථය පැහැර ගැනීමකට ලක්ව ඇති බවයි.

කිසියම් පිරිසක් මත්පැන් පානය කර කෝපායි ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට කොඩිකාමම් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයට පැමිණි කොඩිකාමම් පොලිසියේ නිලධාරීන් ගැටුම සමථයකට පත් කර සිද්ධියට සම්බන්ධ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අවස්ථාවේදී එහි සිටි එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් පැමිණි ජීප් රථය රැගෙන පළා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව සිදුකළ මෙහෙයුමකදී පැහැර ගැනීමට ලක්වූ පොලිස් ජීප් රථය යාපනය - කට්ටායි ප්‍ර‍්‍රදේශයේ තිබී සොයාගෙන ඇති අතර, එය පැහැර ගත් පුද්ගලයා ද පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories