ගෝඨාභය CIDයට පැමිණේ

Wednesday, 12 September 2018 - 10:54

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම් දීමකට අනුවයි.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරීයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පැය 02කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.

ඊට අමතරව කතානායක කරූ ජයසූරියගෙන්ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදායි.

මේ අතර, තරුණයින් පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

2008 - 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 19 වන දායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories