ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

Wednesday, 12 September 2018 - 14:51

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදුකළ යුතු සංශෝධන වේ නම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සළකා බැලීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම නව පනත් කෙටුම්පතට ඊයේ කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය පළවූ බවයි වාර්තාවන්නේ.

එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින්. අදාළ පනතට අත්‍යාවශ්‍යම කරුණු කිහිපයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක සහ විජේදාස රාජපක්ෂ සිය විරෝධය පළ කර තිබෙනවා.

පනත් කෙටුම්පතට පක්ෂව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අදහස් දැක්වීමත් සමඟ ඔවුන් අතර උණුසුම් සංවාදයක් ඇතිවූ බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ක්‍රියාත්මක කිරීම පොලීිසිය භාර අමාත්‍යවරයාට පැවරීම ගැටළුවක් බවත්, එය තවදුරටත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණක් බැවින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා යටතේ එම පනත ක්‍රියාත්මක විය යුතු බවත් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සංශෝධන සහිතව අනුමැතිය හිමිවූ අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories