ඉත්තෑවකු සහ මුව පැටවුන් දෙදෙනකු මැරූ පිරිසකට වැඩ වරදී

Wednesday, 12 September 2018 - 17:29

%E0%B6%89%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
පොලොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය තුලදී ඉත්තෑවකු සහ මුව පැටවුන් දෙදෙනකු මරා රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු කොටුකර ගෑනීමට වනජීවි නිලධාරින් පිරිසක් සමත්ව තිබෙනවා.

ඊයේ (11) අලුයම 2ට පමණ මෙම වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය, දියබෙදුම හා නිකවැව යන වනජීවී කාර්යාලීය නිළධාරීන්ට හැකිව තිබෙනවා.

අනෙකුත් පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊයේ (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

අදාළ ඡායාරූප පහතින්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories