බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු තහනම් කරයි

Thursday, 13 September 2018 - 12:02

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් සභාවට රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ගෙන්වීම සම්බන්ධයෙන් සෙවීමට පළාත් ප්‍රධාන ලේකම් පත්කළ කමිටුව, ඇතැම් තොරතුරු අසත්‍ය ලෙස දක්වා ඇති බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ප්‍රකාශ කළා.

එසේම, දෝෂ ගණනාවක් පැවතීම හේතුවෙන් එම ඇණවුම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවයි රාජගිරියේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ඊට අදාළ නියෝග ලිපිය සකස් කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් බවද ඔහු එහිදී සඳහන් කළා.

අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ රුපියල් හය ලක්ෂ 44,000 ක මුදලක් එක් පුටුවක් සඳහා වැය වන බවට සඳහන් කර තිබුණද, ඊට නියමිත බදු එකතු වූ විට පුටුවක මිල රුපියල් අට ලක්ෂ 44,000 ක් වන බවයි.

බස්නාහිර පළාත් සභාව සඳහා එකක් රුපියල් හයලක්ෂ හතලිස් දහසක් වටිනා පුටු ස්පාඤ්ඤයෙන් ඇණවුම් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගියදා පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ඒ පිළිබඳව සෙයා බලා එම පුටු ඇණවුම තාවකාලිකව අත්හිටුවන ලෙසටයි.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ පුටු ගෙන්වීමේ සිද්ධියට තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ නොමැති බවයි.

කෙසේ වෙතත්, පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගිය අගෝස්තු මස 10 වැනිදා ප්‍රකාශ කළේ සාම්පල පරීක්ෂා කර අදාළ පුටු ගෙන්වීමේ ඇණවුම සිදුකර ඇති බවයි.

එහෙත්, සාම්පල පරීක්ෂාවකින්ද තොරව එම පුටු ඇණුවුම් කර ඇති බව අද පැවති මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර කියා සිටියා. 

බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීම පිළිබඳව අද (13) හිරු TV පත්තරේ විස්තරේ තොරතුරු ගෙන ආවේ මෙලෙසින්.





    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories