විශේෂ කැබිනට් හමුවෙන් පසු ඇමතිවරු නිහඬයි

Thursday, 13 September 2018 - 15:10

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC%E0%B6%BA%E0%B7%92
ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති හදිසි කැබිනට් රැස්වීමේදී අවධානයට ලක් වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද දහවල් මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

අග්‍රාමාත්‍යවරයාද දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී මෙම කැබිනට් රැස්වීම පැවැත්වීම ද විශේෂත්වයක්. 2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරුන්ගේ අවධානයට යොමුකර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම සිද්ධියට අදාළ වරදකරුවන් සිටියදී වෙනත් පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කර ගැනීම, එම පාර්ශවයන්ට නඩු පැවරීම සහ අත්අඩංගුවට ගැනීම ගැටළු සහගත බවයි.

එබැවින් නියම වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමකින් තොරව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු පවරා කඩිනමින් නඩු කටයුතු අවසන් කිරීමට හෝ එසේ නොමැති නම් ඔවුන් නිදහස් කිරීමට අදාළ පාර්ශව කටයුතු කළ යුතු බවයි.

මීට අමතරව, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද හමුදාව සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින්, එය කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත්, ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙසත් නොගැලපෙන ප්‍රකාශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්ද ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය අනුමත කළ බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත්, අද පැවති විශේෂ කැබිනට් හමුවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හැර කිසිදු අමාත්‍යවරයෙකු මාධ්‍ය වෙත අදහස් පළ කිරීමකින් තොරව පිටව යෑමද විශේෂත්වයක් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories