වැල්ලවායේ කුඩා දරුවන්ට වෛරස් රෝගයක්

Friday, 14 September 2018 - 13:40

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැල්ලවාය ප්‍රදේශයේ පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන් කුඩා දරුවන් රැසක් මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.

වැල්ලවාය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව කියා සිටියේ උණ, වමනය, සහ විජලන තත්ත්වයන් මෙම වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ බවයි.

වෛරසය අසාදනය විමෙන් මේවන විට කුඩා දරුවන් සහ වැඩිහිටියන් 200 කට ආසන්න පිරිසක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වැල්ලවාය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව කියා සිටියා. .

මේ අතර, දැනට පවතින වියළි කාලගුණයත් සමඟ කුඩා දරුවන් අතර, විජලන රෝගි තත්ත්වයන් සහ සමේ රෝග අසාදනය විමේ හැකියාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙනවා.

එම නිසා කුඩා දරුවන්ට දියරමය ආහාර වැඩිවශයෙන් ලබා දිය යුතු අතර, දරුවන් ජලයේ වැඩි වේලාවක් තබන ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories