පාසල් දැරියක් අපයෝජනය කළ ගුරුවරයෙකු මොණරාගල දී පොලිස් දැලේ

Sunday, 16 September 2018 - 16:02

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
මොණරාගල ප්‍රදේශයේ වයස අවුරුදු 18ක දැරියක් අපයෝජනය කළ තවත් පාසල් ගුරුවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි මෙම ගුරුවරයා ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පාසල් ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිසුවිය සැකකාර ගුරුවරයා සමඟ වසර 4ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු ඇයව අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකාර ගුරුවරයා 29 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකු වන අතර, ඔහුගේ බිරිඳ බුත්තල ප්‍රදේශයේ ගුරුවරියක ලෙස සේවය කරනවා.

මීට පෙර ද මොණරාගල ප්‍රදේශයේ පාසල් ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පාසල් දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories