රුසියානු යුද ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන්

Tuesday, 18 September 2018 - 14:16

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පුද්ගලයන් 14 දෙනෙකු රැගත් රුසියානු යුද ගුවන් යානයක් ඉහළ අහසේදී රේඩාර් තීරයෙන් අතුරුදන් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊයේ (17) මැදියම් රැයේදී මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ අතුරුදන් වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඉල්ලීමකට අනුව රුසියාව, සිරියාවේ ප්‍රහාරක මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින්නේ 2015 වසරේ සිටයි.

සිරියානු වෙරළට කිලෝමීටර් 35ක් පමණ නුදුරෙන් යානය අතුරුදන් වී ඇත්තේ සිරියාවේ ලටාකියා ප්‍රාන්තයේ රුසියානු ගුවන් කදවුර වෙත නැවත පැමිණෙමින් සිටියදියි.

එම අවස්ථාවේදී ඊශ්‍රායල එෆ්. 16 වර්ගයේ ප්‍රහාරක යානා 4ක් ඒ ආසන්නයේ දක්නට ලැබී ඇති අතර, ප්‍රංශ යුද නෞකාවකින් මිසයිල ප්‍රහාරයක් ද නිකුත් වී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories