මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Thursday, 20 September 2018 - 10:33

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි ඉල්ලා මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

මහ නාහිමිවරුන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සංවිධානාත්මකව හා සූක්ෂමව ධර්ම විනයට පටහැනි ශාසන විරෝධී ක්‍රියාකාරකම් සිදුකරන ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින් ත්‍රිපිටක සූත්‍ර ධර්මවලට අත්තනෝමතික ලෙස විකෘති අර්ථ ඉදිිරිපත් කරමින් මිත්‍යා සංකල්ප සහ දෘෂ්ඨිවාද බෞද්ධ සමාජය තුළ පතුරුවන බවටයි.

ජනාධිපතිවරයා වෙත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් යොමු කළ ලිපිය මගින් මහා සංඝ රත්නය, රජය සහ බෞද්ධ ජනතාවගේ අවධානයට කරුණු හයක් දක්වා තිබෙනවා.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා එම කරුණු වහා ක්‍රියාත්මක කරන ලෙසයි අදාළ ලිපිය මගින් මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර බුුදු දහම විකෘති කරමින් දේශනා පැවැත්වීම ඇතුලූ චෝදනා කිහිපයකට ලක්ව සිටි පූජ්‍ය වහරක රතනාලංකාර හිමියන්ගේ අනුගාමික භික්ෂූන් වහන්සේලා සිව්නමක් මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී වැඳ සමාව ගෙන තිබෙනවා.

මෙලෙස තමන් කළ වරද පිළිගෙන සමාව අයැද සිටියේ දිඹුල්කුඹුරේ උදිතරතන, හඳපාන්ගොඩ නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන සහ වස්සක ධම්ම යන හිමිවරුයි.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories