ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණ වීම නිසා මෝටර් රථවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා.
ඊයේ වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් මිල රුපියල් 170යි ශත 65 දක්වා ඉහළ ගියා.
ඒ අනුව වාහනයක සාමාන්‍ය මිල රුපියල් දෙලක්ෂ 50,000සේ සිට ඉහළ යන බවයි වාහන ආනයනකරුවන් සඳහන් කළේ.
එමෙන්ම සුඛෝපභෝගී වාහන මිල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 8 දක්වා ප්‍රමාණයකින් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළා.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් ද කියා සිටියේ රුපියල අවප්‍රමාණ වීමත් සමඟ වාහන මිල අවම වශයෙන් රුපියල් තුන් ලක්ෂයකින් ඉහළ යනු ඇති බවයි.
එමෙන්ම වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී සියයට 100ක ආන්තික තැන්පතුවක් අනිවාර්ය කිරීම ද වාහන මිල ඉහළ යාමට බලපා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ පියවර ප්‍රකාශයට පත් කරමින් මහබැංකුව කියා සිටියේ එමගින් වාහන ආනයනයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

Follow US
Most Viewed Stories