වාසි අවාසි ගලපා රුපියල ගැන තීන්දුවක්

Saturday, 22 September 2018 - 18:35

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රුපියලේ අවප්‍රමාණය සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

නාත්තන්ඩිය - ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

‘‘ ගෝලීය ආර්ථික අර්බූදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුය. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩු වුණා. ඒ නිසා ඇමරිකානු කොටස් වෙළඳපොළ ආයෝජකයින් සහ අනෙකුත් ආයෝජකයින් සිය මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්වයකට පත්ව තිබෙනවා. වර්තමානය වන විට ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩිවී තිබෙනවා. ඒවගේම සීඝ්‍ර දියුණුවක් ඇතිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැය කරනවා. මේ තත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයිග මෙතෙක් කල් ඇමරිකානු මහ බැංකුව අඩු පොලියට ණය ලබාදුන්නත් පසුගිය කාලයේ දෙවතාවක් පොළිය වැඩිකර තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක්ද? ඇමරිකාවේ කොටස් වෙළෙදපොලේ සහ එරට ව්‍යාපාරවල මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ සිටින ව්‍යාපාරිකයින් තමන්ගේ මුදල් දැන් ඇමරිකාවට ගෙන යනවා. මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවාග ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බූදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙන බව කිව යුතුයි ’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories