නුවරළියේ සංචාරක නිකේතනයක තුන්වන මහලින් ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියයයි

Sunday, 23 September 2018 - 10:54

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තුන්වන මහලින් බිමට ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා.

අද උදෑසන 9 ට පමණ තුන්වන මහලේ ආලින්දයේ සිට අවට සිරි නරඹමින් සිටියදී ඇය ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතල තුවාල ලැබු ඇය රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තවත් චීන ජාතික සංචාරකයන් පිරිසක් සමග ඊයේ නුවරඑළියට පැමිණ සිටි 34 හැවිරිදි කාන්තාවක්.

අනතුරින් ඇයගේ හිසට බරපතල හානි සිදුව ඇතැයි සඳහන්.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ නුවරඑළිය පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories