මුදල් සොරකම් කර මිතුරන්ට මත්කුඩු සාදයක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 24 September 2018 - 14:03

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දඹුල්ල ප්‍රදේශයේ ආපනශාලාවක රුපියල් එක්ලක්ෂ 30,000 ක මුදලක් සොරකම් කර ඉන් මිතුරන් වෙනුවෙන් මත්කුඩු සාදයක් සංවිධානය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ආපනශාලාවක වෙළෙන්දෙකුගෙන් මෙම මුදල සොරා ගෙන ඇති බව සඳහන්.

ඒ පිළිබඳව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ආපනශාලාව ආසන්නයේ ආරක්ෂිත කැමරාවක අදාල සැකකරු මුදල් සොරා ගන්නා ආකාරය සටහන්ව තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඒ අනුව සැකකරුගේ නිවසට ගොස් ප්‍රශ්න කිරීමේදී ඔහු සොරා ගත් රුපියල් එක්ලක්ෂ 30,000 න් 40,000 ක මුදලක් වැය කොට මිතුරන්ට මත්කුඩු සාදයක් දුන් බවයි පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

සැකකරු දඹුල්ල - ලෙනදොර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories