පළාත් 7කට සුළං සමඟ තද වැසි

Tuesday, 25 September 2018 - 14:38

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+7%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල ඉදිරි දිනවලදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම තාවකාලිකව පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ - අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 129.5ක්.

මිලිමීටර් 106ක් වූ දෙවන වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

අධික වර්ෂාව හේතුවෙන් වැලිකඩ  - රාජගිරිය ප්‍රදේශයේ මෙන්ම කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රදේශයේ නිවාස 40කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යට වුණා.

එසේම කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග ද ජලයෙන් යටවී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් අනිද්දා සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories