ගම්මන්පිල මුදල් අමාත්‍යාංශයට

Friday, 28 September 2018 - 12:56

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණ කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (28) මුදල් අමාත්‍යාංශයට පැමිණ අභියාචනයක් ගොනුකළා.

ඉන්ධන මිල සූත්‍රය අනාවරණ කරන ලෙස මන්ත්‍රීවරයා මීට පෙර ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශය කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණ කිරීම මගින් බලශක්ති වෙළඳපොලේ ඉදිරි මිල ගණන් පුරෝකතනය කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් ඇතිවිය හැකි බවයි.

ඒ නිසා අදාළ තොරතුරු ලබාදිය නොහැකි බව ද මුදල් අමාත්‍යාංශය උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙත දන්වා තිබුණා.

කෙසේ වෙතත්, අද (28) පෙරවරුවේ අදාළ අභියාචනය ගොනු කිරීමෙන් පසු මන්ත්‍රීවරයා කියා සිටියේ මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලධාරින් කටයුතු නොකළහොත් ඊට අදාළව මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තමන් කටයුතු කරන බවයි.  

මේ අතර, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව අද නෙලුම් පොකුණ රඟහලේදී පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන අවස්ථාවේ ඊට විරුද්ධ වූ විපක්ෂයේ පිරිස් අද (28) එම පනත තුළින්ම යම් යම් සහන අපේක්ෂා කරන බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories