15%ක දුම්රිය ගාස්තු වැඩිවීම ප්‍රෝඪාවක් - දුම්රිය මගී සංවිධානවලින් චෝදනා

Tuesday, 02 October 2018 - 7:30

15%25%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%AA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ ද, ඇතැම් මාර්ගවල දුම්රිය ගාස්තු සියයට 40ත්, 50ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

ඒ පිළිබඳව දුම්රිය මගීන් ද චෝදනා කරමින් කියා සිටියේ අසාමාන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහළ දමා ඇති බවයි.

මීට අමතරව වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව ද ඉහළ ගොස් ඇති බවටයි ඔවුන් ප්‍රකාශ කළේ.

සියයට පහළොවේ දුම්රිය ගාස්තු වැඩිවීම ඊයේ (01) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 10 සහ දෙවන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් විස්ස මෙන්ම පළමු පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් හතළිහ වෙනස් නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහෙත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝමීටර 10ක දුර ප්‍රමාණය කිලෝමීටර 7 දක්වා අඩුකර තිබෙනවා.

සියලු දුම්රිය ගාස්තු වැඩිවීම් ආසන්නව රුපියල් 5 කට ගණනය කර ඇති අතර, ඒ අනුව මිල වැඩිවීම රුපියල් පහේ ගුණාකාරවලින් සිදුවනු ඇති.

දුම්රිය ස්ථාන අතර පවතින දුර අනුවද ගාස්තු වෙනස්වන අතර එහිදී ඇතැම් දුම්රිය ස්ථාන අතර අයකළ රුපියල් 10 ක දුම්රිය ගාස්තුව රුපියල් 15 දක්වා වැඩිකර තිබෙනවා.

නව ගාස්තු වැඩිවීමට සාපේක්ෂව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තුවලද මිල ඉහළ දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය සඳහන් කරන්නේ සියයට 15කින් පමණක් දුම්රිය ගාස්තු ඉහළ දමා ඇති බවට පළ කරන ප්‍රකාශ ජනතාව රැවටීම සඳහා සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories