වන අලි 3 ක් දුම්රියට බිලිවෙයි (ඡායාරූප)

Sunday, 07 October 2018 - 6:55

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලි තුන්දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වන අලි ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.45 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් දුම්රියේ මැදිරි 4 ක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.

වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මඩකලපුව - දුම්රිය මාර්ගයේ ධාවනය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බවයි.







ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර / මනම්පිටිය නිමල් ජයරත්න


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories