පරිසර අභියෝග වැඩිම දිස්ත්‍රික්කය ගම්පහ බව ජනපති කියයි

Saturday, 13 October 2018 - 14:50

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පරිසර අභියෝගය වැඩිම දිස්ත්‍රික්කය බවට මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව  ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

සුළුකොට තැකිය නොහැකි මෙම අභියෝගය ජය ගැනීමට පාසල් දරුවාගේ සිට සියලූදෙනා කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.  

ඔහු මේ බව කියාසිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවයිනේ දිස්ත්‍රික්කයකින් වාර්තා වන අවම වන ඝනත්වය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එය 02% ක් බවයි.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙසට ජනාධිපතිවරයා මෙහිදී පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක් ද කළා.

සෑම පාසල් දරුවෙකුගේම උපන්දිනයට පැළයක් සිටුවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පරිසරය හෙට මිනිසා ප්‍රමුඛ සියලූ සතුන්ගේ ජීවත්වීම පිළිබද තීරණාත්මක සාධකය වනු ඇති අතර පරිසරය රැක ගැනීම වෙනුවෙන් සියලූදෙනා කඩිනමින් තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැහැදිලි කරනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයා බණ්ඩාරනායක විදුහලේ සියවස් සමරුමට සමගාමීව සංවිධාන කර තිබෙන ප්‍රදර්ශනය ද විවෘත කළා.

සිසුන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරන අතරතුර එම විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා නිපදවා ඇති රොකට්ටුව පිළිබදව මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය ලක් වුණා.

ඒ අනුව, එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සදහා වන වියදම් ලබාදීමට කටයුතු සම්පාදනය කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories