සී.අයි.ඩී.යට කැදවූ ඩී.අයි.ජී. නාලක නොපැමිණේ

Tuesday, 16 October 2018 - 12:49

%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%A9%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පැමිණිමට නොහැකි බවට දැනුම් දී තිබෙනවා.

තම දරුවා අසනීප තත්ත්වයේ පසුවන බවට ඔහු දැනුම් දී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සමබන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දිම සඳහා පළමු වතාවට අද (16) උදෑසන 9ට පැමිණෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබුණේ.

පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය ලබා ගැනිම සඳහා ඔහුට වෙනත් දිනයක පැමිණෙන ලෙසට දැනුම් දෙන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය අනාවරණ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැය 5කට ආසන්න  කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.   

මෙම සිද්ධියට අදාළව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මේ වන විට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories