ශ්‍රී ලාංකික ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්ත චෝදනා ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගනී

Friday, 19 October 2018 - 8:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කරගෙන තිබෙනවා.

25 හැවිරිදි නිසාම්ඞීන් පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, පසුව ඔහුට ඇප නියම වූයේ ඝාතන කුමන්ත්‍රණ චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන්.

සිඩ්නි නුවර මර්මස්ථාන ඇතුළත් ඔහුගේ සටහන් පොතේ තිබූ අත්අකුරු නිසාම්ඩීන්ගේ නොවන බව පසුව හෙළිදරව් වුණා.

ඔහුගේ නිර්දෝෂීභාවය තවදුරටත් තහවුරු වීමත් සමගයි ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කරගෙන ඇත්තේ.

කෙසේ නමුත්, නිසාම්ඩීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

නිසාම්ඩීන්, ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ නියෝජ්‍ය අගමැති ධුරය දැරූ ජූලියා බිෂොප් ඇතුළු දේශපාලනඥයන් ඝාතනය කිරීමට මෙන්ම, සිඞ්නි ඔපෙරා රඟහල ඇතුළු මර්මස්ථානවලට පහරදීමට සැලසුම් සකස් කළ බවටයි චෝදනා එල්ල වූයේ.

ඒ අනුව ඔහු දැඩි ආරක්ෂිත රැකවල් සහිත බන්ධනාගාරයක රඳවනු ලැබුවා.

කෙසේ නමුත් ඔහුගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව උද්ඝෝෂණවල ද නිරත වුණා.

නිසාම්ඩීන්ගේ නීතිඥ මුස්තාෆා කේයිර් ප්‍රකාශ කළේ නිර්දෝෂීභාවය තහවුරු වී ඇති නිසාම්ඩීන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පොලීසියෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවයි.

නිවු සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය ඔස්සේ නිසාම්ඩීන් වෙනුවෙන් යුක්තිය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories