හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය යළි විශේෂ මහාධිකරණයට පැමිණෙයි

Friday, 19 October 2018 - 9:30

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද නැවතත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා.

ඒ, තංගල්ල - වීරකැටිය - මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට අදාළවයි.

එහිදී පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛණ නිසියාකාරව ලබාදී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මෙම නඩුව යළි ලබන මස 9 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකු සැප්තැම්බර් 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රථම වරට පෙනී සිටියා.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු චූදිතයන්ට අධි චෝදනා භාර දෙනු ලැබූ අතර ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ පසුගිය 9 වනදායි.

ඒ අනුව ලබන දෙසැම්බර් 4 වනදා සිට මෙම නඩුව අඛන්ඩව විභාගයට ගැනෙනු ඇති.

මේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය අවශ්‍ය වේලාවේදී ඉවත් කර ගත හැකි බවයි.

එමෙන්ම, රටක හමුදාව එරටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මුර දේවතාව බව සඳහන් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් එහි කොටස්කරුවෙකු බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories