හිටපු DIG නාලක CIDයෙන් පිටව යයි

Friday, 19 October 2018 - 18:59

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+DIG+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+CID%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු අද දෙවන දිනටත් එම දෙපාර්තමේන්තුවට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි.

ඊයේ දිනයේ ද අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව නාලක ද සිල්වාගෙන් පැය 9ක ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ 10 වන සැකකරු වන හිටපු ලූතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ ලබාදීම සහ රටින් පලායාමට ආධාර අනුබල ලබාදුන් බවට වන නඩුවට අදාළවයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළඹෙන සතිය තුළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories