පන්ජාබ් ප්‍රාන්තයේදී දුම්රියේ ගැටීමෙන් 50 ක් මරුට

Friday, 19 October 2018 - 21:33

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දුම්රිය මාර්ගයේ හා ඒ අවට උත්සවයක් සමරමින් සිටි පිරිසක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එම ආගමික උත්සවයේ රාවනාගේ අනුරුවකට ගිනි තබන අවස්ථාවේදී එහි සිටි පිරිසට දුම්රිය පැමිණෙන හඬ නොඇසීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පිළිරුවට ගිනි තැබීම සමග රතිඤ්ඤා ද දැල්වීම හේතුවෙන් ඇතිවූ ශබ්දය මත එහි සිටි පිරිසට දුම්රිය පැමිණෙන හඩ නොඇසෙන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

තුවාල ලැබුවන් බරපතල තත්වයේ පසුවන බැවින් මියයන පිරිස තවදුරටත් ඉහළ යාහැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. 

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද  සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙම අනතුර පිළිබඳ සිය ශෝකය පළකර තිබෙනවා.

එමෙන්ම අනතුරින් ආපදාවට පත්වුවන්ට කඩිනමින් සහන සලසන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශකර ඇත්තේ.

ඉන්දීය දුම්රිය ප්‍රවාහන කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා ද සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම අනතුර පිළිබඳ සිය ශෝකය පළ කළා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories